ගිංතොට ප්‍රදේශයේ අධි බැලැති විදුලි රැහැනක් කඩා වැටීමෙන් සෙබළුන් තිදෙනෙකු මරුමුවට පත්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් කඩිනම් පරීක්ෂණයක් පවත්වන ලෙස විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති අරුණ විජේපාල මහතා වෙත දැනුම් දී ඇත.
ඒ අනුව අදාළ වාර්තාව හෙට (04දා) දිනය ඇතුළත ලැබීමට නියමිත බව අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙන අතර වාර්තාව අනුව ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට නියමිත බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටී.