විදුලි රැහැනක් වැටී සෙබළු තිදෙනෙක් මරුට
ගාල්ල, ගිංතොට දී අද (03දා) දහවල් විදුලි රැහැනක් කඩා වැටීමෙන් රිය පුහුණුවට පැමිණි යුද හමුදා පොලිසියේ සෙබළු තිදෙනකු මියගොස් හතර දෙනකු තුවාල ලබා ඇතයි පොලිසිය පවසයි.
රිය පැදවීමේ බලපත්‍රය ලබාගැනීමට පුද්ගලික රිය පුහුණු ආයතනයක වාහනයකින් පුහුණුව ලබා සිටිය දී මේ අනතුර සිදුව ඇත. ඔවුන් පුහුණුව සඳහා පැමිණි වෑන් රථය බූස්ස සිට ගාල්ල දෙසට ගමන් කරමින් සිටිය දී බූස්ස මහා විද්‍යාලය පසුකර පාර අයිනේ නවතා රිය පුහුණුව ලැබූ තිදෙනකු තම අසුන් මාරුකිරීමට වෑන් රථයෙන් බැස සිටිය දී විදුලි රැහැන ඔවුන් මතට වැටී ඇතැයි ද පොලිසිය කියයි.
මාර්ගය අයිනෙන් දිවෙන වොට් 11,000ක අධි බලැති විදුලි රැහැන් තුනෙන් එකක් මෙලෙස ඔවුන් මත කඩා වැටී ඇත. පොලිසිය පවසන්නේ සිද්ධිය වාර්තා වී එතැනට යනවිටත් සිරුරුවලට ගිනි ඇවිලෙමින් තිබූ බවයි. ලේනකු විදුලි රැහැනක ගමන් කළ අවස්ථාවක දී සිදුවූ කාන්දුවකින් එම විදුලිරැහැන ගිනිගෙන වැටෙන්නට ඇතැයි විදුලි බල මණ්ඩලයෙන් එතැනට පැමිණි කාර්මිකයන් පොලිසිය පවසා ඇත. මියගිය ලේනකුගේ සිරුරක් ද පසෙක තිබී සොයා ගැණිනි.
ජිනේෂ් නානායක්කාර
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

 
                     
  
  
 
 
                     
                                 
                                 
                                 
                                 
  
                                                 
                                                 
                                                 
                                                 
                                                 
                                                