විදුලි බිල වැඩිකිරීම සම්බන්ධයෙන් මෙතෙක් තීරණය කර නොමැති බව විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී. පෙරේරා මහතා සඳහන් කර සිටියේය.
දිවයිනේ බොහෝ ප්‍රදේශවලට වැසි ඇදහැළුණද ජලවිදුලි බලාගාර ආශ්රිත ප්‍රදේශවලට තවදුරටත් ප්‍රමාණවත් තරම් වැසි නොමැතිවීම හේතුවෙන් ජලාශවල ජලමට්ටම පහළ මට්ටමක පවතින බව අමාත්‍යවරයා පැවසීය.
මේ හේතුවෙන් වත්මන් රජය ජල විදුලියට අමතරව සුළං විදුලිය සහ සූර්යබල විදුලි බලාගාර ඉදිකිරීම කෙරෙහි අවධානය යොමුකර ඇතැයිද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේය.