වැඩි විදුලියක් පරිභෝජනය කරමින් අධික බිලක් ගෙවන පොහොසතාගේත්, අඩු විදුලි පරිභෝජනයක් කරමින් අගයෙන් අඩු විදුලි බිලක් ගෙවන දුප්පතාගේත් විදුලි බිල එකම ප්‍රතිශතයකින් අඩු කිරීම මගින් දුප්පතාට වඩා පොහොසතාට වැඩි සහනයක් සැලසීමක් සිදුකොට ඇති බව ජාතික විදුලි පාරිභෝගික ව්‍යාපාරය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
මුදල් අමාත්‍යාංශයේ උපදෙස් මත ජනාධිපතිවරයා දුන් සහනය නිසා විදුලි බලමණ්ඩලයට රු.බිලියන 55ක පමණ මුදලක් අහිමි වන අතර, නොරච්චෝලේ ගල් අඟුරු ජනනය කාර්යක්ෂම කිරීමට ලංවීමට මින් අනිවාර්ය බලපෑමක් ඇති කෙරෙන බවද ඔවුන් පවසයි. එය එසේ සිදු නොවුණහොත් ලංවීමේ පාඩුව මහා භාණ්ඩාගාරය මගින් දැරීමටත්, එය යළි දුප්පත් පාරිහෝගිකයා මත පැටවීමටත් සිදුවීමෙන් අවසානයේ පාරිභෝගිකයාට ලැබෙන සහනයක් නොමැති වනු ඇති බවද එම නිවේදනයේ දැක්වෙයි.
එමෙන්ම, ගල් අඟුරු බලාගාරය බලගැන්වීමත්, තෙල් මිල පහත දැමීමත් අතර ඍජු සම්බන්ධයක් නොමැති වුවත් මෙම සහන ලබාදීම බලශක්ති ක්ෂේත්රය හා එහි අසාධාරණ මිල සුත්‍රයන් පිළිබඳව මෑත කාලයේ ඇති වූ ආන්දෝලනයේ ප්‍රතිඵලයක් විය හැකි බවද එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙයි.