විදුලි බල අවශ්‍යතාව හීන වීමෙන් බරපතළ තත්ත්වයක් ඇති වුණා
පැවති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ඉකුත් 29 රාත්‍රී 8.30 - 10.30 කාලය තුළ ලංකාවේ දිස්ත්‍රික්ක 09 ක පාරිභෝගික විදුලි සම්බන්ධතා දස ලක්ෂයක් විසන්ධිවීම හේතුවෙන් එක්වර මෙගාවොට් 1000 ක පමණ විදුලිය අවශ්‍යතාව හීනවීමෙන් රටතුළ සිදුවූ විදුලි බල අසමතුලිතබව නිසා බරපතළ තත්ත්වයක් ඇතිවූ බව විදුලිබල සහ පුනර්ජනනීය බලශක්ති ඇමති රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.
සියඹලාපිටිය මහතා එසේ පවසා සිටියේ, ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ඊයේ (02දා) පැවැති මාධ්‍ය හමුවකදීය. මෙම අවස්ථාවට ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතාද එක්ව සිටියේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා, “එසේම දකුණු පළාතේ විදුලිය විසන්ධිවීම් ලක්ෂ පහක් පමණ වෙලා තියෙනවා. ගාල්ල දිස්ත්‍රික්කයේ එම තත්ත්වය 212,000 ක් ලෙස සටහන් වුණා. දැන් මෙම තත්ත්වය ඉතාමත් පහළ මට්ටමක පවතිනවා. අපි ආපදා නොමැති දිස්ත්‍රික්කවලින් මේ සඳහා අපේ බළකායන් ගෙන්වලා තියනවා.
ඔවුන් රෑ දවල් නැතිව වැඩ කරනවා. අද (03දා) වනවිට සම්පූර්ණයෙන්ම විසන්ධිවීම් අතිරේක සේවක පිරිස්ද යොදා ගනිමින් යථා තත්ත්වයට පත්කිරීමට හැකිවන වේවි.
ඒ වගේම කෙනෙක් අහන්න පුළුවන් ඇයි මේ වට සූදානම් නැද්ද කියලා. නමුත් ප්රශ්නය තමයි අපේ රටේ විදුල් රැහැන් 99% ක්ම තියෙන්නේ පොළොවෙන් උඩ. එවැනි පද්ධතියක් තුළ ස්වාභාවික ආපදාවකට විශේෂයෙන්ම සුළඟකට සිදුකරන්න පුළුවන් හානිය ඉතාමත් ඉහළයි. එක් එක් නිවාසවලට සිදුවී ඇති විදුලි බිඳවැටීම් යථා තත්ත්වයට පත් කිරීමට ඉක්මනින් කටයුතු කරනවා.” යැයි පැවසීය.
රවීන්ද්‍ර විරාජ්
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.


