ප්‍රායෝගික පරීක්ෂණ නොමැතිව රටක් ඉදිරියට යා නොහැකි බවත්, එම ප්‍රායෝගික පරීක්ෂණවල එක් පියවරක් ලෙස විදුලි දුම්රිය රට තුළ ඇති කිරීමට බලාපොරොත්තු වන බවත් විදුලිබල හා බලශක්ති අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාඅද (23දා) පැවසීය.
විදුලි බල හා බලශක්ති අමාත්‍යාංශයේ පැවැති %දැනුම පදනම් කරගත ආර්ථිකයක් සඳහා වූ බලශක්ති ප්‍රවේශය^ ජාත්‍යන්තර සමුළුව පිළිබඳ මාධ්‍ය දැනුවත් කිරීමේ වැඩසටහනට එක්වෙමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළේය.
මෙහිදී අමාත්‍යවරයා සඳහන් කළේ විදුලි දුම්රියක් පිළිබඳ ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනයේ අවධානය යොමුකර යෝජනාවක් ඉදිරිපත් කර ඇති බවත්, එය දේශීය ඉංජිනේරුවන් මගින් ප්‍රවාහන අමාත්‍යාංශය හා බලශක්ති අමාත්‍යාංශය එකතු වී ක්‍රියාත්මක කරන බවත්ය.