විදුලි ණය ලබාදීම සඳහා සුදුසුකම් සපුරා ඇති පිරිස් හඳුනාගනිමින් මේ මස 20 වැනිදාට ප්‍රථම ඔවුන්ගේ ඉල්ලුම්පත් ලබාගැනීමේ කටයුතු අවසන් කරන්නැයි විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා නිලධාරීන්ට ඊයේ (03දා) උපදෙස් ලබා දුන්නේය.
අනතුරුව කඩිනමින් ඔවුන්ට අවශ්‍ය ණය පහසුකම් සපයා දී විදුලි සබඳතා ලබාදීමට කටයුතු කරන ලෙසද ඇමතිවරයා සඳහන් කළේය.
රටම එළියයි - අඳුර දුරලයි විදුලි සත්කාරය පිළිබඳව දිසාපතිවරුන්, අතිරේක දිසාපතිවරුන් හා සැලසුම් නිලධාරීන් දැනුවත් කිරීම සඳහා කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේ පැවැති සාකච්ඡාවකදී සියඹලාපිටිය මහතා මේ බව කියා සිටියේය.
විදුලිබල මණ්ඩලයේ නිලධාරීන්ට මෙම සතිය තුළදී නිවෙස්වලට පැමිණ අයදුම්පත්‍ර ලබාදෙනු ඇතැයි විදුලිබල අමාත්‍යාංශය පවසයි.