රටේ විවිධ නගරවල සිදුවන හදිසි විදුලිය විසන්ධි වීම් පිටුපස පෞද්ගලික ඩීසල් බලාගාරවලින් වැඩි මිලට විදුලිය මිලදී ගැනීමේ කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක කිරීමේ සැලැසුමක් ක්‍රියාත්මක වී ඇත්දැයි බොහෝ පාර්ශ්වවලට සැක මතු වී තිබේ.
විදුලිය විසන්ධි කිරීම නොකරන බවට විදුලිබල හා පුනනර්ජනනීය බලශක්ති ඇමතිවරයා ප්‍රකාශ කළද කොළඹ නගරයේ ස්ථානවල මෙන්ම දිවයිනේ බොහෝ ප්‍රදේශවල මේ වනවිට දෛනිකව විදුලිය විසන්ධි කිරීම් සිදු වී ඇති බව %අද^ට වාර්තාවේ.
මෙම විදුලිය විසන්ධි කිරීම පැය දෙකක කාලයේ සිට විනාඩි ගණනාවක කාලයක් දක්වා සිදුව තිබේ.
රටේ වර්තමානයේ ඇතිවී තිබෙන සාමාන්‍ය කාලගුණික තත්ත්වය ද විශාල නියඟ තත්ත්වයක් ඇතිවන බවට හා ඉන් විදුලි විසන්ධි කිරීමට සිදුවන බවට වූ මතයක් ද යම් කණ්ඩායමක් විසින් ප්‍රචාරය කරමින් සිටින බවටද ප්රකාශවේ.
ශ්‍රී ලංකාවේ සාමාන්‍ය දෛනික විදුලි පරිභෝජනය මෙගාවොට් 2300ක් වන අතර, දෛනිකව රටතුළ මෙගාවොට් 3308ක් පමණ නිෂ්පාදනය කරන බවද වාර්තාවේ. ඉන් 900ක ප්‍රමාණයක් නොරොච්චෝලේ තාප බලාගාරය මගින් උත්පාදනය කෙරේ.
විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා මෙන්ම නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී.පෙරේරා මහතාද විදුලි විසන්ධි කිරීමක් සිදු නොකරන බවට මාධ්‍යයට ප්‍රකාශ කරමින් සිටියදීත්, විදුලිබල මණ්ඩලයේ යම් කණ්ඩායමක් විදුලිය කප්පාදු කිරීමට සිදුවන බවට විවිධ ප්‍රකාශ නිකුත් කරමින් සිටීම නිසා විදුලි කප්පාදු කිරීම පිටුපස ජාවාරමක් ක්‍රියාත්මක වන බවට සැක පහළව තිබේ.
රටේ දෛනිකව නිෂ්පාදනය කරන විදුලි ප්‍රමාණයට වඩා අඩු විදුලි ප්‍රමාණයක් සාමාන්‍ය යෙන් පරිභෝජනය කරමින් සිටියදී විදුලිය විසන්ධි කිරීම් පිළිබඳ ප්‍රකාශ නිකුත් කිරීම පිළිබඳව පසුගියදා කොප් කමිටුවද විදුලිබල මණ්ඩලයෙන් විමසීමක් කර තිබිණි.ඒ පිළිබඳ කෝප් කමිටුවට වාර්තාවක් ලබාදෙන ලබාදෙන ලෙසටද උපදෙස් ලබාදී තිබේ.
පසුගිය ආණ්ඩු සමයේදී පෞද්ගලික ඩීසල් බලාගාරවලින් විදුලිය අලෙවි කිරීම හා මිලදී ගැනීම් හරහා විදුලි මාෆියාවක් ක්‍රියාත්මක වී විශාල මහජන මුදල් කොල්ලයක් සිදුවූ බවටද එකල චෝදනා එල්ල වුණු අතර වර්තමානයේ දීද නැවතත් එම මාෆියාවම ක්‍රියාත්මක වන්නේදැයි විදුලිබල මණ්ඩලයේ හිටපු මෙන්ම වර්තමානයේ සිටින නිලධාරීහු සැක පහළ කරති.
මේ අතර රටේ පැවති වියළි කාලගුණ තත්ත්වය අවසන් කරමින් මේ වනවිට වැසි ඇදහැළීම ද ආරම්භවී තිබේ. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ ඊයේ (28දා) දිනයේදී නෝර්ටන්බ්‍රිජ්, මාඋස්සාකැලේ, ලක්ෂපාන, බෝවතැන්න, කාසල්රී, කැනියන් ජලවිදුලි බලාගාර ආශ්‍රිතව වර්ෂාව ඇති වූ බවයි.
මේ පිළිබඳව 'අද' විදුලිබල මණ්ඩලයේ සභාපති අනුර විජේපාල මහතාගෙන් කළ විමසීමකදී සඳහන් කළේ, විදුලිය විසන්ධි කිරීම් සිදුකරනවා නම් ඒ පිළිබඳව පෙර දැනුම්දීම් සිදුකරන බවත්, ප්‍රා‘දේශීය වශයෙන් විදුලිය බිඳවැටීම් සිදුවෙනවා නම් ඒ පිළිබඳව ප්‍රා‘දේශීය විදුලි බලධාරීන්ව දැනුවත් කළ යුතු බවත්ය.