දකුණු ආසියාවේ ප්‍රථම විද්‍යා කෙටි පණිවුඩ සේවාව ලෙස ආරම්භ කළ “විදු නැණ හවුල” විද්‍යා කෙටි පණිවුඩ සේවාවේ දහස් වන (1,000) විද්‍යා කෙටි පණිවුඩය නිකුත් කිරීම අද (31දා) සිදුකිරීමට නියමිතය.
විද්‍යා තාක්ෂණ සහ පර්යේෂණ අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක වන මහනුවර ජාතික මූලික අධ්‍යයන ආයතනයේ විද්‍යා අධ්‍යාපන සහ ව්‍යාප්ති ඒකකය විසින් ක්‍රියාවට නංවා ඇති මෙය විද්‍යා, තාක්ෂණ සහ පර්යේෂණ අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුවනු ඇත.
2012 වර්ෂයේ ජනවාරි මාසයේදී ආරම්භ කරන ලද මෙම “විදු නැණ හවුල” විද්‍යා කෙටි පණිවුඩ සේවාව නොමිලයේ ලබාදෙන අතර මෙම සේවාවේ අරමුණු වන්නේ ශ්‍රී ලාංකේය ජනතාවගේ සහ පාසල් දරුවන්ගේ විද්‍යා සාක්ෂරතාව සහ විද්‍යාව කෙරෙහි උනන්දුව වැඩිදියුණු කිරීමයි.
මෙහිදී ජංගම දුරකථන SMS, ඊ මේල් , ෆේස්බුක්, Google Plus, Google Groups සහ ට්විටර් හරහා දිනපතා, දෛනික ජීවිතයට උපකාරී වන විද්‍යා කෙටි පණිවුඩ ලියාපදිංචි සාමාජිකයින් අතර බෙදාහැරීම සිදුකරයි. මීට අමතරව සාමාන්‍ය ජනතාව සහ පාසල් සිසුන් අතර විද්‍යාත්මක තර්කන හැකියාව වර්ධනය සහ නව විද්‍යාත්මක කරුණු කෙරෙහි කුතුහලය වැඩිකිරීම අරමුණින් විවිධ අංග ඇතුලත් කර තිබේ.