වසවිසෙන් තොර පරිසර හිතකාමී දේශීය නිෂ්පාදන ප්‍රචලිත කිරීමට හා නිෂ්පාදකයන් දිරිගැන්වීම සඳහා විදාතා හරිත කඩමණ්ඩිය මේ මස 26 හා 27 යන දෙදින තුළ පැවැත්වෙන බව විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශය සඳහන් කරයි.
බත්තරමුල්ල සෙත්සිරිපාය පරිශ්‍රයේදී පැවැත්වෙන වෙළෙඳ ප්‍රදර්ශනය උදෑසන 9.00 සිට සවස 5.00 දක්වා පැවැත්වේ.
විදාතා මධ්‍යස්ථානවලින් තාක්ෂණික දැනුම ලබාගත් ව්‍යාපාරිකයන් නිෂ්පාදනය කළ භාණ්ඩ මෙම ස්ථානයේදී මිලදී ගැනීමට හැකියාව තිබෙන බවද එම අමාත්‍යාංශය සඳහන් කරයි.
විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන විදාතා මධ්‍යස්ථාන තුළින් කුඩා හා මධ්‍යපරිමාණ ව්‍යවසායකයන් 3000කට අධික ප්‍රමාණයක් බිහිවී තිබෙන බවද එම අමාත්‍යාංශයේ මාධ්‍ය අංශය සඳහන් කරයි.