විද්‍යා පීඨවලට බඳවා ගැනීමේදී දිස්ත්‍රික්කවල පවතින ගුරු පුරප්පාඩු ගණනය කර බඳවා ගැනීමට සැලසුම් කර තිබීම හේතුවෙන් නිසා ඉහළ ඉසඩ් අගයක් ගත් විශාල පිරිසකට දැඩි අසාධාරණයක් සිදුවිය හැකි බව ලංකා ගුරු සංගමය සඳහන් කරයි.
මෙතෙක් විද්‍යා පීඨවලට බඳවා ගත්තේ විශ්වවිද්‍යාලයට ඇතුළත් වී අධ්‍යාපනය ලැබීමට සුදුසුකම් නොමැති ඉහළ ඉසඩ් අගයක් ලබාගත් ශිෂ්‍ය ශිෂ්‍යාවන් බව එම සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා සඳහන් කළේය.
එහෙත් නව ක්‍රමය යටතේ ඉහළ ඉසඩ් අගයක් සහිත ශිෂ්‍ය ශිෂ්‍යාවන් සිටින දිස්ත්‍රික්කයක ගුරු පුරප්පාඩු නොමැති වුවහොත් ඔවුන්ට ගුරුවරුන් වීමේ අවස්ථාව අහිමි වී යන බවත්, ඉසඩ් අගයන් අඩු ශිෂ්‍ය ශිෂ්‍යාවන් විශාල පිරිසක් සිටින දිස්ත්‍රික්කයක වැඩි ගුරු පුරප්පාඩු ප්‍රමාණයක් තිබුණහොත් ගුරු සේවයට අධ්‍යාපන දැනුම අඩු අය ඇතුළත් වන බවත් ඔහු පවසා සිටියේය.