සිවයෝගනාදන් විද්‍යා පාසල් ශිෂ්‍යාව යාපනය පුන්කුඩුතිව්හිදී දූෂණය කොට ඝාතනය කිරීමට දායක වූ චූදිතයන්ට මරණ දඬුවම් ලබාදිය යුතු බවට කාන්තා කටයුතු ඇමතිනී චන්ද්‍රානි බණ්ඩාර මහත්මිය යෝජනා කරයි.
විද්‍යා දූෂණය කර මරා දැමූ අපරාධකාරයන්ට මරණ දඬුවම් ලබාදීමෙන් කාන්තාවන් දූෂණය කිරීමේ සිදුවීම් කෙරෙහි ඉහළ බලපෑමක් ඇතිවිය හැකි යැයි තමන් විශ්වාස කරන බව ඇමතිනිය නිවේදනයකින් ප්‍රකාශ කර තිබේ.
අපරාධ විමර්ශන ඒකකය අධිකරණය යාන්ත්රණයට අනුකූලව අපරාධකරුවන්ට දඬුවම් ලබාදීම සඳහා අවශ්‍ය සාක්ෂි ඒකරාශී කරගැනීමට දිවා - රෑ නොබලා කටයුතු කරන බවත්, විද්‍යා ඝාතනය කළ මිනීමරුවන්ට දඬුවම් දීම සඳහා පිහිටුවීමට නියමිත විශේෂ අධිකරණය කඩිනමින් ක්‍රියාත්මක කෙරෙන බවත් ඇමතිනිය අවධාරණය කරන්නීය.