ඉන්දුනීසියාවේ පැවති අතිශය තරගකාරී ජනාධිපතිවරණයෙන් ජයග්රහණය කිරීමට ජකර්තා ආණ්ඩුකාර ජෝකෝ විඩෝඩෝ සමත්ව ඇති බව එරටින් වාර්තා වෙයි.
ඉන්දුනීසියාවේ මැතිවරණ කොමසාරිස්වරයා පවසා සිටියේ විඩෝඩෝ හෙවත් වැඩි දෙනා හඳුනන ජොකෝවි 53.15% ක ඡන්ද ප්රතිශතයක් ලබාගනිමින් ඉදිරියෙන් සිටින බවයි.
ඔහු සමග කරට කර තරගයක නිරත වූ හිටපු හමුදා ජෙනරාල්වරයෙකු වූ ප්රබෝවෝ සුබිඅන්ටෝ ලබාගෙන ඇත්තේ 46.85% ක ප්රතිශතයක් පමණි.
ඉන්දුනීසියාවේ පවතින ඒකාධිපතීත්වය කඩා දමන බවටත්, වඩාත් යහපත් සමාජ සුබසාධන වැඩපිළිවෙළවල් දුගීන් වෙනුවෙන් සිදුකරන බවටත් විඩෝඩෝ ප්රතිඥා දී තිබේ.
1961 දී සෝලෝ නගරයේ උපන් විඩෝඩෝ යනු ඉන්දුනීසියාවේ දැව වෙළෙන්ඳෙකුගේ පුතෙකි. එරට පී.ඩී.අයි-පී පක්ෂයෙන් දේශපාලනයට අවතීරණ වූ විඩෝඩෝ 2005 වසරේදී සෝලෝ ආණ්ඩුකාරවරයා ලෙස තේරී පත්විය. ඉන් නොනැවතී, දෙවැනි වරටත් 90% ක ඡන්ද ප්රතිශතයක් සමග තේරීපත් වූ ඔහු 2012 වසරේදී ජකර්තා ආණ්ඩුකාරවරයා බවට පත්විය. නිලධාරීවාදය තුළින් ඇතිවී තිබෙන දූෂණය පිටුදැකීම වෙනුවෙන් ඉ-රාජ්ය පාලනය රට තුළ ස්ථාපිත කිරීමට කටයුතු කරන බවද ඔහු පවසා තිබේ.