අධිකරණ හා බුද්ධ ශාසන අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතාට විරුද්ධව විශ්වාසභංග යෝජනාවක් ගෙනඒමට ආණ්ඩුවේ පිරිසක් උත්සහ ගනිමින් සිටිනුයේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ විශේෂ නියෝජිතයෙකු වශයෙන් මෙරටට පැමිණි බෙන් එමර්සන් මහතා මුණගැසී විජේදාස රාජපක්ෂ මහතාඔහුට විරෝධතාව පළකර තිබුණු නිසා බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පැවසීය.
නීතිපති දෙපාර්තමේන්තුවේ අකාර්යක්ෂ්මතාවක් සඳහන් කරමින් මෙම විශ්වාසභංග යෝජනාව ගෙනඑන බවට පවසා ඇත්තේ රටට වැරදි අදහසක් ඉදිරිපත්කිරීමේ අරමුණෙන් බවද මන්ත්‍රීවරයා සඳහන් කළේය.
ව්‍යවස්ථා සංශෝධන ක්‍රියාදාමයෙන් ජාතික නිදහස් පෙරමුණ ඉවත්වීම පැහැදිලි කිරීම සඳහා තුම්මුල්ල සම්බුද්ධත්ව ජයන්ති මන්දිරයේ පැවැති සම්මන්ත්‍රණයට එක්වෙමින් වැඩිදුරටත් අදහස් දැක්වූ විමල් වීරවංශ මහතා,
“විජේදාස රාජපක්ෂ මහත්තයා තමයි ආණ්ඩුවේ යම් දෙයක් දිහා නිවැරදිව බලන්න ශක්තියක් මෙතෙක් පෙන්නුම් කරලා තියෙන්නේ.ඊයේ පෙරේදා ලංකාවේ මානව හිමිකම් රැකීම ගැන හොයන්න එමර්සන් කියලා සුද්දෙක් ආවා.ඔහු ආවේ මානව හිමිකම් කැරැට්ටුවේ හොඳට ලකුණු රැස්කරලාද කියලා බලන්න.
එමර්සන්ට විජේදාස රාෂපක්ෂ ඇමතිවරයා රටේ අභ්‍යන්තර කටයුතුවලට ඇඟිලිගැසීමට එරෙහිව කන් පිරෙන්න චෝදනාවලියක් ඉදිරිපත් කළා.එහෙම කොන්දක් තියෙන ආණ්ඩුවේ ඉන්න එකම ඇමතිවරයා විජේදාස රාජපක්ෂ.
එමර්සන්ට විජේදාස රාපපක්ෂ උත්තර දුන් නිසා දැන් එමර්සන්ගේ කොලු පැටව් ටික විශ්වාසභංග ගෙන්න හදනවා. ඒක කියන්නෑ.වෙන වෙන කතාකියාගෙන එනවා.ආණ්ඩුවේ නෙමේ කොහේ හිටියත් රටේ සිදුවෙන දේ නිවැරදිව දකින කෙනෙක් ඉන්නවා නම් එහෙම කෙනෙක් හුදෙකලා කරලා, තනිකරලා පරද්දන්න අපි ඉඩතියන්නෑ.එහෙම මිනිස්සුන්ව පරද්දන්නෙත් නෑ" යනුවෙන් පවසා සිටියේය.