අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාට ආශීර්වාද කිරීමට හා අමාත්‍යධුරයෙන් ඉල්ලා අස්නොවන ලෙසට ඉල්ලීම සඳහා අද (21දා) මහා සංඝරත්නය බුද්ධ ශාසන අමාත්‍යාංශයට වැඩම කළහ.
එහෙත් අමාත්‍යවරයා අමාත්‍යාංශයේ නොසිටීම නිසා නිලධාරීන් සමග සාකච්ඡා කර මහා සංඝරත්නය මාධ්‍යයට කරුණු දක්වා අමාත්‍යාංශයෙන් නික්ම ගියේය.
එහිදී මහා සංඝරත්නය සඳහන් කළේ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාගෙන් තනතුරින් ඉවත්ව නොයන ලෙසට ඉල්ලා සිටින බවත්, එසේම ඒ මහතාව තනතුරින් ඉවත් නොකරන ලෙසට බලධාරීන්ගෙන් ඉල්ලා සිටින බවත්ය.