අධිකරණ හා බුද්ධ ශාසන අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාට එල්ලවන චෝදනා සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට එක්සත් ජාතික පක්ෂය විසින් ත්‍රිපුද්ගල කමිටුවක් පත්කර ඇත.
එක්සත් ජාතික පක්ෂයේ සභාපති මලික් සමරවික්‍රම , මහලේකම් කබීර් හෂීම් සහ අමාත්‍ය මංගල සමරවීර යන මහත්වරුන්ගෙන් මෙම කමිටුව සමන්විත වේ.
විජේදාස රාජපක්ෂ මහතා සම්බන්ධයෙන් විශ්වාසය නැතැයි සඳහන් කරමින් ඉදිරිපත් වූ යෝජනාව අද (17) එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරි මණ්ඩලය සහ ආණ්ඩු පක්ෂයේ එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමේ ඒකාබද්ධ රැස්වීමේදී ඒකමතිකව සම්මත වු අතර මෙම චෝදනා පිළිබඳ විමර්ශනය කිරීම මෙම කමිටුවේ කාර්යවේ.
කමිටු වාර්තාව දින 02 ක් ඇතුළත ලබාදෙන ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහහ මහතා කමිටුවට දන්වා ඇත