අධිකරණ හා බුද්ධ ශාසන අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා ඉවත් කර නව අධිකරණ අමාත්‍යවරයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය ජයම්පති වික්‍රමරත්න මහතා පත්කරන ලෙස එක්සත් ජාතික පෙරමුණේ මන්ත්‍රී කණ්ඩායම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අගමැති රනිල් වික්‍රමසිංහ මහත්වරුන්ට දැනුම්දී ඇති බවට 'අද'ට වාර්තාවේ.
ඒ අනුව නව අධිකරණ අමාත්‍යවරයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය ජයම්පති වික්‍රමරත්න මහතා පත්කිරීමට සූදානම් පවතින බවද 'අදට' වාර්තා විය.
අධිකරණ අමාත්‍ය ධුරය දරන විජේදාස රාජපක්ෂ මහතා අද (21දා) විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් ඉල්ලා අස්වීමට නියමිත බව වාර්තාවන අතර, එසේ වුවද පසුගිය සෙනසුරාදා (19දා) අනුරාධපුරයේදී පැවැති උත්සවයකදී විජේදාස රාජපක්ෂ අමාත්‍යවරයා පැවසුවේ, තමා ඉල්ලා අස්නොවන බවයි.
මේ අතර අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතාට එල්ලවන චෝදනා සහ නව අධිකරණ අමාත්‍යවරයෙකු පත්කිරීම සම්බන්ධයෙන් නීති ක්ෂේත්රයේ පිරිසක්, ආණ්ඩු පක්ෂයේ නිතීඥයන් සහ ඇමති රාජිත සේනාරත්න මහතා අතර සාකච්ඡාවක් පසුගිය සිකුරාදා (18දා) රාත්‍රියේ පවත්වා ඇති අතර, එහිදී මේ පිළිබඳව වැඩිදුරටත් සාකච්ඡා වී ඇත.
ඒ අනුව නව අධිකරණ අමාත්‍යවරයා ලෙස අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල, නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී පෙරේරා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ජයම්පති වික්‍රමරත්න යන මහත්වරුන්ගේ නම් යෝජනා වී ඇත.
කෙසේ හෝ අවසානයේ ආචාර්ය ජයම්පති වික්‍රමරත්න මහතා අධිකරණ අමාත්‍යවරයා ලෙස පත්කිරීමට එහි බහුතරය එකඟවී ඇති බවද වාර්තා වේ.
ලංකා සම සමාජ පක්ෂයේ සාමාජිකයෙකු වන ආචාර්ය ජයම්පති වික්‍රමරත්න මහතා, එක්සත් ජාතික පක්ෂ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙක් ලෙස පාර්ලිමේන්තුවට පැමිණියේය.
නව අධිකරණ අමාත්‍යවරයා ලෙස කටයුතු කිරීමට සූදානම්දැයි ආචාර්ය ජයම්පති වික්‍රමරත්න මහතාගෙන් %අද^ කළ විමසීමකදී හෙතෙම පැවසුවේ, ආණ්ඩු ප්‍රධානීන් එවැනි ඉල්ලීමක් කළහොත් සලකා බලන බවයි.
අධිකරණ අමාත්‍ය ධුරයට එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී කණ්ඩායම විසින් සිය නම යෝජනා කර ඇති බව පමණක් තමා දන්නා බවත්, වෙනත් කිසිවක් සිදුවී නොමැති බවත් මන්ත්‍රීවරයා පවසා සිටියේය.
කෙසේ හෝ ආණ්ඩුවේ ප්‍රධානීන් එවැනි ඉල්ලීමක් කළහොත් තමා නියෝජනය කරන සම සමාජ පක්ෂයේ මතයද විමසා ඒ පිළිබඳ තීරණයක් ගන්නා බවද වික්‍රමරත්න මහතා ප්‍රකාශ කළේය.
&අධිකරණ අමාත්‍ය ධුරය මට ලබා දෙනවා කියල කවුරුත් කියල නැහැ. එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම මගේ නමත් යෝජනාකර තිබෙනවා කියල නම් මම දැනුවත්. ඒ හැරුණාම වෙන කිසිම දෙයක් සිදුවෙලා නැහැ.
අමාත්‍ය ධුරය භාරගන්නා ලෙස ඉල්ලීමක් කළොත් අපේ පක්ෂයේ තීරණය අනුව සුදුසු තීරණයක් ගන්නවා* යැයි ජයම්පති වික්‍රමරත්න මන්ත්‍රීවරයා වැඩිදුරටත් පැවසීය.
ඉල්ලා අස්වීමට තීරණය කර ඇතිද යන්න පිළිබඳව විමසීමට අධිකරණ හා බුද්ධ ශාසන අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා සම්බන්ධ කරගැනීමට උත්සාහ කළද එය ව්‍යර්ථ විය.