පක්ෂයෙත්, කැබිනට් මණ්ඩලයේත් සාමූහික වගකීම කඩ කිරීම හේතුවෙන් අධිකරණ හා බුද්ධ ශාසන අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා අමාත්‍යධුරයෙන් ඉවත් කරන ලෙසට එක්සත් ජාතික පක්ෂය ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් ඉල්ලා සිටි බව එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් කබීර් හෂීම් මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
අගෝස්තු 17 දා පැවැති කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී විජේදාස රාජපක්ෂ මහතාට සිය ප්‍රකාශ නිවැරදි කරන ලෙස දන්වා අගෝස්තු 21 දා දක්වා දින ලබාදුන් බවත් එම එකඟතාවන්ද කඩකරමින් පක්ෂය හා අමාත්‍ය මණ්ඩලය මෙන්ම රජයේ ප්‍රතිපත්ති විවේචනය කිරීමට ඔහු කටයුතු කළ බවත් එම නිවේදනයේ දැක්වෙයි.
ඒ අනුව පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ තීරණය අනුව ඔහුව අමාත්‍යධුරයෙන් ඉවත් කරන ලෙසට ජනපතිවරයාගෙන් නිල වශයෙන් ඉල්ලා සිටි බවත් කමීබර් හෂීම් මහතා නික්තු කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙයි.