වර්තමානයේ දේශපාලනයට පිවිසෙන පිරිස් බලය ලබාගත් පසු ජනතාවට සිදුකරන සේවා ගැන ප්‍රකාශයට පත්කිරීමට 'චින්තන' ප්රකාශනයක් නිකුත් කළත් විජය කුමාරතුංගයන්ගේ චින්තනය ඊට හාත්පසින්ම වෙනස් වූ බව ශ්‍රී ලංකා මහජන පක්ෂයේ හිටපු ජාතික සංවිධායක දේශපාලන විශ්ලේෂක අසේල ජයනාත් මහතා සඳහන් කළේය.
විජය කුමාරතුංගයන් සහ ත්රස්තවාදීන් අතින් ඝාතනය වූ ජාතික විරුවන් සැමරීම වෙනුවෙන් අද (16දා) පැවැති නවම් විරු සැමරුමේදී මේ බව සඳහන් කළ අසේල ජනාතාත් මහතා වැඩිදුරටත් පැවසුවේ, රණසිංහ ප්‍රේමදාස මහතාත්, මහින්ද රාජපක්ෂ මහතාත් චින්තනයක් වශයෙන් ජනතාවට ඉදිරිපත් කළේ තමන් බලයට පත් වූ පසු ජනතාව වෙනුවෙන් සිදුකරන කටයුතු පිළිබඳව බවත්ය.
එහෙත් විජය කුමාරතුංගයන් ජනතාව අතර සිටිමින් ජනතාවගේ ප්‍රශ්නවලට, පක්ෂ පාට ජාති කුල ආගම් බේදයකින් තොරව විසඳුම් ලබාදුන් බවද හෙතෙම පැවසීය. මීට අමතරව විජය කුමාරතුංගයන්ගේ චින්තනය තුළ මතවාදී කරුණුද ඇතුළත් වූ බවද ඒ මහතා පවසා සිටියේය.
ඡායාරූප අමිල පළීහවඩන