දින 100 ආණ්ඩුව සමයේ ජාතික විගණන කොමිසම බලාත්මක කර දෙන බවට ජනාධිපතිවරයා හා අග්‍රාමාත්‍යවරයා රට හමුවේ පොරොන්දු වුවද එය මෙතෙක් අනුමත කරදීමට කටයුතු කර නොමැති බව රාජ්‍ය විගණන සේවා වෘත්තීය සමිති එකමුතුව සඳහන් කරයි.
පොරොන්දුව ලබා දුන් සමයේ සිට මේ දක්වා කාලය තුළ කැබිනට් මණ්ඩලය 132 වතාවක් රැස්වී තිබුණත් මෙතෙක් එක් වතාවකදී හෝ මෙය කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර නොමැති බව එම සංගමයේ කැඳවුම්කරු බණ්ඩාර කුමාරසිරි මහතා පැවසීය.
අද (10දා) කොළඹදී පැවති මාධ්‍ය සාකඡාවකදී අදහස් දක්වමින් හෙතෙම මේ බව සඳහන් කළේය.
විගණන පනත සම්මත කර දී විගණන කොමිසම ශක්තිමත් නොකිරීම නිසා දූෂණයට, වංචාවට එරෙහිව වැට බැඳීමට නොහැකි වී තිබෙන බවත් මේ නිසා සිදුව තිබෙන්නේ දූෂිතයන්ට වංචනිකයන්ට ඉණිමං සකස් කර දීම බවද මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ හෙතෙම පවසා සිටියේය.