ජාතික විගණන පනත වහාම සම්මත කරන ලෙස ඉල්ලා හෙට (13දා) දින කොළඹ කොටුව දුම්රියපොළ ඉදිරිපිටදී දැවැන්ත විරෝධතා ව්‍යාපාරයක් පවත්වන බව විගණකාධිපති දෙපාර්තමේන්තුවේ ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානය සඳහන් කරයි.
ජාතික විගණන පනත සකස් කර මාස 15කට අධික කාලයක් ගතවී තිබෙන නමුත් මෙතෙක් එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කිරීමට බලධාරීන් කටයුතු කර නොමැති බවද එම සන්ධානයේ නියෝජිතයෝ සඳහන් කරති.
උද්ඝෝෂණ ව්‍යාපාරයට අමතරව විගණන පනත ක්‍රියාත්මක කිරීම අතපසු කිරීම පිළිබඳව සභා පනතේ වැදගත්කම පිළිබඳව රටේ ජනතාව දැනුවත් කිරීමට රටපුරා අත්පත්‍රිකා බෙදාහැරීමට කටයුතු කරන බවද ශ්‍රී ලංකා විගණන සේවා සංගමයේ සභාපති නයන කුමාර මහතා සඳහන් කළේය.
අද (12දා) දින පැවති මාධ්‍ය සාකච්ඡාවකදී මේ බව සඳහන් කළ සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ විගණන පනත සම්මත කර ගැනීම සඳහා ගත හැකි සියලුම ක්‍රියාමාර්ග ගන්නා බවය.