දැනට පාඩුලබමින් පවතින ශ්‍රීලංකන් ආයතනය විකිණීමට නොව වළදැමිය යුතුයැයිද ඒතරම් අලාභයක් මේනවිට ශ්‍රීලංකන් සහ මිහින්ලංකන් ආයතන නිසා සිදුව ඇතැයිද රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය කබීර් හෂීම් මහතා අද පාර්ලිමේන්තුවේදී පැවසීය.
එමෙන්ම පසුගිය කාලයේ වත්කම් සියල්ල විකුණා නාම පුවරු පමණක් ඇති රාජ්‍ය ව්‍යවසාය ආයතන 35 පමණ ඇතිබවත් අමාත්‍යවරයා පැවසුයේ අද (15) පාර්ලිමේන්තුවේ දී අයවැය කාරකසභා අවස්ථාවේ විවදයේ රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍යාංශ වැයශීර්ෂයේ විවාදයේ පිළිතුරු කතාව සිදුකරමිනි.
රාජ්‍ය ව්‍යවසාය ආයතන පාඩු වනවිට එය සෘජුව රටේ පොදු ජනතාවට බලපාන බැවින් මෙය වෙනස් කිරීමට කටයුතු කරන අතර කිසිදු ආයතනයක් විකිණීමට කටයුතු නොකරන බවත් අමාත්‍යවරයා ප්‍රකාශකළේය.