බස්නාහිර, සබරගමුව, දකුණු, මධ්‍යම, ඌව සහ මධ්‍යම පළාත්වල අද (21දා) විටින් විට වැසි හෝ ගිගුරුම් සිහිත වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
මීට අමතරව දිවයිනේ ඇතැම් ස්ථානවලට මි.මි. 50 ඉක්මවූ තරමක් තද වැසි අපේක්ෂා කළ හැකි බවද එම දෙපාර්තමේන්තුව පවසයි.
මේ අනුව දිවයිනේ බොහෝ ප්‍රදේශවල අහස වළාකුලින් බරව පවතින අතර දිවයින හරහා විටින් විට හමන සුළං පැ.කි.මී. 50දක්වා ඉහළ යා හැකි බවත් දිවයිනට ගිනිකොණ හා දකුණු දෙසින් වන මුහුදු ප්‍රදේශවල විටින් විට හමන සුළඟ පැ.කි.මී. 60-65 දක්වා ඉහළ යාහැකි බවත් එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.
විශේෂයෙන් වැසි සමඟ අකුණු ඇති වියහැකි හෙයින් ඒ පිළිබඳව විමසිලිමත් වන ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.