බස්නාහිර, සබරගමුව, දකුණු, මධ්‍යම හා වයඹ පළාත්වල අද (19දා) විටින් විට වැසි හෝ ගිගුරුම් වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
ඒ අනුව ඇතැම් ස්ථානවල මි.මි. 100 වැඩි වර්ෂාපතනයක් බලාපොරොත්තු වියහැකි බව එම දෙපාර්තමේන්තුව පවසයි.
මීට අමතරව නැගෙනහිර හා ඌව පළාත්වල සවස 02.00 පසු වැසි හෝ ගිගුරුම් වැසි ඇති විය හැකි බවත් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
විශේෂයෙන් මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවල විටින් විට පැ.කි.මී. 50 දක්වා වන තද සුළං ඇති විය හැකි අතර දිවයින වටා මුහුදු ප්‍රදේශවල විටින් විට හමන සුළං තත්වය පැ.කි.මී 60 – 70 දක්වා විය හැකි බවත් එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
මේ අතර වැසි සමග අකුණු හෝ තද සුළං ඇති විය හැකි හෙයින් ඒ පිළිබඳ විමසිල්ලෙන් පසුවන ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.