අප්‍රේල් මාසය පුරාවට දිවයිනේ බොහෝ ප්‍රදේශවලට අඛණ්ඩ වැසි අපේක්ෂා කරන බවත් තවත් දින 03 කින් වියළි කාලගුණික තත්ත්වය පහව යනු ඇති බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසීය.
මාස කිහිපයක් තිස්සේ බලපා ඇති වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් මේ වනවිට දිවයිනේ සියලූ ජලාශවල ජල මට්ටම් පහත වැටී ඇති අතර ජල විදුලිය උත්පාදනය කරන ප්‍රධාන ජලාශවල ජල මට්ටම 40% ක් දක්වා පහත වැටී තිබේ.
මේ අතර, විදුලිබලය උත්පාදනය කරන ජලාශවලට වර්ෂාව ප්‍රාර්ථනා කරමින් ජය ශ්‍රී මහා බෝධියට පැන් පූජා කිරීමේ ආගමික උත්සවයක් ඊයේ (25) පස්වරුවේ විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටියගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.