අධික වැසි හේතුවෙන් මේ වන විට පොලොන්නරුව දිස්ත්‍රික්කයේ පවුල් 4765 ට අයත් පුද්ගලයින් 18,437 දෙනෙකු පීඩාවට පත්ව සිටින බව පොලොන්නරුව දිස්ත්‍රික් ආපදා කළමනාකරණ එකකය කියයි.
මෙම තත්වය මත දිස්ත්‍රික්කයේ තාවකාලික නවාතැන් කඳවුරු 37 පිහිටුවා ඇති බවත් ඒ සදහා ජනතාවට අවශ්‍ය සහන ලබා දීමට පියවර ගෙන ඇතැයි පොලොන්නරුව දිස්ත්‍රික් ආපදා කළමනාකරණ සහකාර අධ්‍යක්ෂක උපුල් නානායක්කාර මහතා පැවසීය.
පොලොන්නරුව පරාක්‍රම සමුද්‍රය, මින්නේරිය, කවුඩුල්ල හා ගිරිතලේ යන ජලාශ තව දුරටත් වාන් දමමින් පවතියි.
පොලොන්නරුව මඩකලපුව ප්‍රධාන මාර්ගයේ මනම්පිටිය ,ගල්ලෑල්ල අතර ජලයෙන් යටවීම හේතුවෙන් එහි ගමනා ගමනය හා ,පොලොන්නරුව සුන්ගාවිල සිට සෝමාවතිය දක්වා වූ මාර්ගය ජලයෙන් යටවීම හේතුවෙන් එහි ගමනා ගමනයත් සම්පූර්ණයෙන්ම ඇණ හිට ඇති අතර එම මාර්ග වසා ඇති බව පොලිසීය කියයි.
මහවැලි බී කලාපයට අයත් මාදුරුඔය ජලාශය මේවන විට වාන් දැමීමට පටන් ගෙන ඇති අතර අරලගන්විල දම්මින්න, විජයබාහුපුර, අසේලපුර, සෙවනපිටිය යන ප්‍රදේශ වල ගොවි ජනතාවට කුඹුරු බිම් කරා යෑමෙන් වළකින ලෙස මහවැලි අධිකාරිය දැනුම් දෙයි.