අධික වර්ෂා තත්ත්වයක් ඇති වී තිබෙන ප්‍ර‘දේශවල ජනතාවට යම් උපකාරයක් අවශ්‍ය නම් ඒ පිළිබඳව 117 දුරකථන අංකය මගින් දැනුම් දෙන ලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි.
මීට අමතරව ජල ගැලීම් ඇතුළු යම් අනතුරුදායක දෙයක් සිදුවනවා නම් ඒ පිළිබඳවත් මෙම දුරකථන අංකයට දැනුම් දිය හැකි බවද පැවසේ.
දැනට වර්ෂාව පවතින ප්‍ර‘දේශවල දිස්ත්‍රික්ක ආපදා කළමනාකරණ කමිටු සූදානම් කර තිබෙන බවද එම මධ්‍යස්ථානයේ මාධ්‍ය ප්‍රකාශක ප්‍රදීප් කොඩිප්පිලි මහතා සඳහන් කළේය.
ගෙවුණු පැය 24 ක කාලය තුළදී බදුරලිය ප්‍ර‘දේශයට මිලිමීටර් 120 ක වර්ෂාපතනයකුත්, බුලත්සිංහල ප්‍ර‘දේශයට මිලිමීටර් 98කුත්, නෙලුව ප්‍ර‘‘දේශයට මිලිමීටර් 100කුත්, අගලවත්ත ප්‍ර‘දේශයට මිලිමීටර් 100කුත්, බටුවන්ගල ප්‍රදේශයට මිලිමීටර් 58.2කුත්, ඇලපාත ප්‍ර‘දේශයට මිලිමීටර් 70ක වර්ෂාපතනයකුත් ඇති වී තිබෙන බවද පවසා සිටියේය.
117 දුරකථන අංකය පැය 24 පුරාම ක්‍රියාත්මක බවද ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.