ඉදිරි දිනවලදී (විශේෂයෙන්ම අප්‍රේල් 30 දා සිට ) සවස් කාලයේදි ගිගුරුම් සහිත වැසි ඇතිවීමට වැඩි ඉඩක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
එසේම හෙට (29දා) දිනයේදී බස්නාහිර, සබරගමුව, දකුණ, මධ්‍යම, ඌව පළාත්වන ස්ථාන ස්වල්පයක සවස 2 න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි හැකි බවත් එම නිවේදනයේ දැක්වෙයි.
අද මධ්‍යාහ්න 12.00ට නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ කොළඹ සිට ගාල්ල හරහා මාතර දක්වා වෙරළබඩ ප්‍රදේශවල උදෑසන කාලයේදීත් වැසි ස්වල්පයක් ඇතිවිය හැකි බවයි.