වැව්වල ඇති සැල්විනියා ඇතුළු ආගන්තුක පැළෑටි වර්ග ඉවත් කර මත්ස්‍ය වාසයට සුදුසු පරිදි එම වැව් සකස් කිරීම සඳහා රුපියල් මිලියන 05 බැගින් දිස්ත්‍රික් ලේකම්වරු වෙත මුදා හැරීමට ධිවර අමාත්‍ය මහින්ද අමරවීර මහතා උපදෙස් දී ඇති.
රටේ අභ්‍යන්තර වැව් විශාල ප්‍රමාණයක සැල්වීනියා, ජපන් ජබර මෙන්ම විවිධ පැලෑටි වර්ග හා පෙඳ හා පාසිවලින් වැසී ගොස් ඇති බවත් එය මත්ස්‍ය අස්වැන්න අඩුවීමට හේතුවක් වී ඇති බවත් ධීවර ජනතාව පෙන්වා දී ඇත.
එසේම පළාත් ධීවර අමාත්‍ය සමුළුවේ දී ගන්නා ලද තීරණ අනුව ධීවර ජීවනෝපාය සංවර්ධන ව්‍යාපෘති සදහා ද රු. මිලියන 05ක් බැගින් ලබා දී ඇති නමුත් , ඒවා තවමත් අදාළ ව්‍යාපෘති සඳහා යොදවා නොමැති නම් ඒවා ද වැව් ප්‍රතිසංස්කරණ කටයුතු වෙනුවෙන් යොදවන ලෙස ද අමාත්‍යවරයා වැඩිදුරටත් උපදෙස් දෙනු ලැබීය.