වැලිපැන්න, දියහොරඬුව ප්ර දේශයේදී වෙඩි තබා පුද්ගලයෙකු ඝාතනය කර ඇතැයි පොලීසිය පවසයි. ඊයේ (08දා) රාත්රියේ වෙඩි තැබීම සිදුව තිබේ. මෙම වෙඩි තැබීමෙන් තිදෙනෙකු තුවාල ලබා ඇති අතර කලුතර නාගොඩ රෝහලට ඔවුන් ඇතුළත් කිරීමෙන් පසුව එක් අයෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ.වෙඩි තැබූ සැකකරුවන් හඳුනාගත් බවත් ඔවුන්ව අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ පවත්වන බවත් වැලිපැන්න පොලීසිය පවසයි.