වැලිපැන්න, පහේ කණුව මීගම පාරේ පිහිටි යකඩ නිෂ්පාදන කර්මාන්තායතනකින් පිටවන විෂ සහිත කාබනික දුම් නිසා ප්‍රදේශවාසීන්ගේ සෞඛ්‍ය තත්ත්වයට විශාල බලපෑමක් එල්ල වී ඇති බව පවසමින් ප්‍රදේශවාසීහු උද්ඝෝෂණයක නිරත වී සිටිති.
මේ පිළිබඳ පියවර ගැනීමට ජනාධිපතිවරයාට, පරිසර අධිකාරියට හා අදාළ අනෙකුත් බලධාරීන්ට ලිඛිතව දැනුම්දුන්නද, ඒ සම්බන්ධයෙන් කිසිදු පියවරක් නොගැනීම සම්බන්ධයෙන්ද ඔවුහු සිය අප්‍රසාදය පළකරති.
උද්ඝෝෂණය සදහා පස්යොදුන් රට බොදුබල රැකවරණ සංවිධානය, එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත තෙවරප්පෙරුම, මතුගම ප්‍රාදේශීය සභා මන්ත්‍රී විජිත කුමාර යන අයද සහභාගී වූහ.
ප්‍රේමතිලක පෙරමුණ