වැලිකඩ බන්ධනාගාරයේ සිර දඬුවම් විඳින සියලුම දෙනාට හෙට (15දා) සිට තම ඥාතීන්ට දුරකථනයෙන් ඇමතීමේ පහසුකම් ලබාදෙන බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක බන්ධනාගාර කොමසාරිස් තුෂාර උපුල්දෙනිය මහතා සඳහන් කළේය.
නියමු ව්‍යාපෘතියක් ලෙස ටෙලිකොම් දුරකථන 08 ක් මගින් රැඳවියන් 4000කට දුරකථන ඇමතුම් ලබාගැනීමේ පහසුකම ලබාදී තිබෙන බවත්, පසුව අනෙකුත් බන්ධනාගාරවලටද මෙය ව්‍යාප්ත කරන බවත් ඔහු පවසා සිටියේය.