හුංගම පොලිස් වසමේ අම්බලන්තොට පල්ලේරොට ප්‍රදේශයේ පවත්වාගෙන ගිය විශාල වැලි ගොඩ දැමීමේ මධ්‍යස්ථානයක් වටලා එහි වැලි පටවමින් හා පටවා තිබු වැලි ටිපර් 51 ක් හා ස්කැවේටර් යන්ත්‍රයක් සමග සැකකරුවන් 52 ක් අත්අඩංගුවට ගැනීමට හම්බන්තොට දිස්ත්‍රික් දිසා වැටලීම් ඒකකයේ පොලිස් නිලධාරීන් සමත්වී තිබේ .අද (25දා) අලුයම මෙම මෙහෙයුම සිදුකර ඇත .
මෙම විශේෂ මෙහෙයුම හම්බන්තොට හා මාතර දිසාව බාර නියෝජ්‍ය පොලිස් පති සුමිත් එදිරිසිංහ මහතාගේ උපදෙස් මත පත්කළ විශේෂ වැටලීම් ඒකකයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගැනීම සිදුකරන ලැදී.