වැල්ලවත්ත ප්‍රදේශයේ ඉදිකර තිබූ අනවසර ගොඩනැගිල්ල කඩාවැටීමට වගකිව යුතු පුද්ගලයාට ඉතාම සුළු කාලයකින් ඇප ලැබුණ බවත් එයින් ජීවිත අහිමි වූ අසරණ මිනිසුන්ට යුක්තිය ඉටු නොවූ බවත් අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි.
වැල්ලවත්ත අනවසර ගොඩනැගිල්ල කඩාවැටීම සම්බන්ධව පසු විපරම පිළිබඳව විශේෂ ප්‍රකාශයක් කරමින් ඔහු මේ බව පැවැසීය.
“වැල්ලවත්ත ඛේදවාචකයේ වගකිව යුතු පුද්ගලයාට ඉතාම සුළු කාලයක් ඇතුළත, කිසිම හිරගෙදරක ලගින්නේ නොමැතිව ඇප ලැබුණා. මේ පිළිබඳව ඇත්තටම කනගාටුවෙනවා. මන්ද මියගිය පුද්ගලයන් ඉතාම අසරණ මිනිසුන්.
එම අසරණයන්ට යුක්තිය ඉටු වුණේ නැහැ. ඒනිසා අධිකරණය ඇතුළු සියලුක්ෂේත්රවලින් ඉල්ලා සිටින්නේ මේ අනවසර ඉදිකිරීම නිසා අසරණ තත්ත්වයට පත්වූවන්ට යුක්ති සහගත වන ලෙසයි. හෘද සාක්ෂියට අනුව කටයුතු කරන ලෙසද මා එම අංශවලට සම්බන්ධ පුද්ගලයන් ගෙන් ඉල්ලා සිටිනවා”