මේ රජය තුළ හිඳිමින් වැරදිකරන පුද්ගලයන්ට එරෙහිව ඉදිරියේදී සටන් කරන බව කළුතර දිස්ත්‍රික්කයේ සංවර්ධන ව්‍යාපෘතීන් ජන අයිතියට පත්කිරීමේ අවස්ථාවට එක්වෙමින් සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පැවසීය.
දැනට ලොකයේ හොඳම සෞඛ්‍ය සේවාව කියුබාවේ පවතින අතර, 2020 වනවිට ලංකාවද ලොකයේ හොඳම සෞඛ්‍ය සේවාව තිබෙන රටවල් 05 අතරට ගෙන ඒම තම අපේක්ෂාව බවත් අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේය.
පසුගිය රජය සමයේ සිදුවූ මිග් යානා ගනුදෙනුවේදී අක්රමිකතාවන් සිදුකළ පුද්ගලයන් ඉදිරියේදී නීතිය හමුවට ගෙන එන බවත්, යහපාලනය විනාශ කර දමා නැවත වරක් බලයට පැමිණීමේ රාජපක්ෂගේ උත්සාහ ව්‍යර්ථ කරන බවත් අමාත්‍යයවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේය.