උතුරු පළාතේ මෑතකාලීනව ඇතිවූ සිදුවීම් සියල්ල පාලනය කර ඇති බවත්, යාපනයේ ආවා කල්ලියේ සියල්ලන්ම අත්අඩංගුවට ගෙන ඇති බවත් පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා පැවැසීය.
ශ්‍රී ලංකා පොලීසියට වසර 150 සම්පූර්ණවීම නිමිති කරගෙන දිවයින පුරා පළාත් මට්ටමින් පැවැති උත්සව මාලාවේ අවසන් උත්සවයට බදුල්ලේදී එක්වෙමින් ඔහු අද (27දා) මේ බව කීය.
“උතුරු පළාතේ මෑත කාලයේ සිද්ධි කීපයක් ඇති වුණා.භීතියක් ඇතිවෙන වැරදි මත ඇති කරන්න පටන් ගත්තා. අවසානයේ පොලිස්පති හැටියට මම තීරණය කළා, අදාළප්රදේශයටම ගිහිල්ලා මහජනයාට සහසහරජයේ නිලධාරීන්ට කරුණු පැහැදිලි කරන්න.
පසුව වහාම ක්‍රියාත්මක වන වැඩපිළිවෙළක් ඇතිව විශේෂ මෙහෙයුම් මාලාවක් මාර්ගයෙන් මේකෙ අසානය දකින්න කටයුතු කළා.
වැඩේ හරිගියා .සති දෙකෙන් අපි ඒ සියල්ල ඉවර කරලා දැම්මා. අද ඔක්කොම අත්අඩංගුවේ. ආවා ගෘප්, අර ගෘප් මේ ගෘප් සියල්ලම දැන් ඇතුළේ.මෙන්න මෙහෙමයි අපි ඒ වැඩ කටයුත්ත කරන්නේ.
අද අභියෝග වැඩියි.පුරා තිස් අවුරුද්දක් ත්‍රස්තවාදය තිබුණු රටක ඒආකල්ප,ඒ ලබාපු පුහුණුව සහ පුරුද්ද,ආදායම් මාර්ග, ජාවාරම්,ආයුධ, පුපුරණ ද්‍රව්‍ය එකපාරින්ම නැතිවෙලා නැහැ .”