වයස අවුරුදු 60ට ඉක්ම වූ වැඩිහිටියන්ට ජීවත්වීම සඳහා සුදුසු රටවල් අතර ශ්‍රී ලංකාවට ලෝකයේම 43 වැනි ස්ථානයත්, ආසියාවෙන් සිවුවැනි ස්ථානයත්, දකුණු ආසියාවෙන් ප්‍රථම ස්ථානයත් හිමිව ඇති බව ග්ලෝබල් ඒජ් වොච් සංවිධානයේ 2014 නවතම සමීක්ෂණ වාර්තාව පෙන්වා දෙයි.
රටවල් 100ක් ඇසුරින් සිදුකළ මෙම සමීක්ෂණයේදී වයස අවුරුදු 60 ට ඉක්ම වූ වැඩිහිටියන්ට ජීවත් වීමට සුදුසුම රට ලෙස තේරීපත්ව ඇත්තේ ස්වීඩනයයි. කෙසේ වෙතත්, මීට පෙර එම ස්ථානය දිනා සිටි නෝර්වේ අභිභවා යෑමට මෙවර ස්වීඩනය සමත්ව තිබේ.
වැඩිහිටි පරපුරට විවෘතව පවතින සමාජ සම්බන්ධතා, සමාජ ආරක්ෂණය සහ සමාජය තුළ ඔවුන්ට ඇති නිදහස යන කරුණු අතින් කලාපීය වශයෙන් ශ්‍රී ලංකාව ඉහළ මට්ටමක් හිමි කර ගන්නා බවද එම සංවිධානය පවසයි.
ආදායම් සුරක්ෂිතතාව, වැඩිහිටියන්ට ලැබී තිබෙන සෞඛ්‍ය පහසුකම්, වැඩිහිටියන් සඳහා ඇති රැකියා අවස්ථා සහ වැඩිහිටියන්ට ජීවත්වීමට ගැළපෙන පරිසරයක් ඇත්ද යන්න මේ සමීක්ෂණයේදී සලකා බලා තිබේ.