බදු ක්‍රියාත්මක කිරීමේදී ආණ්ඩුවට වැට් බද්ද හෝ ජාතිය ගොඩනැඟීමේ බද්ද යන දෙකින් එකක් තෝරා ගැනීමට සිදුව ඇති බවත්, ඒ දෙකෙන් ජනතාවට අඩු බරක් පැටවෙන්නේ වැට් බද්දෙන් නිසා එය තෝරා ගත්බවත් මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පැවසීය. එසේ උවද වැට් බද්ද ඊළඟ වසරේ අඩු කිරීමට පියවර ගන්නා බවද හෙතෙම පැවසූයේ අද(09)බ්ලුමැන්ඩල් පෙදෙසේ අඩු ආදායම්ලාභී ජනතාවට වියළි ආහාර ද්‍රව්‍ය බෙදාදීමේ වැඩසටහනකට එක්වෙමිනි. මේ ආකාරයට බදු වැඩිකරීමට සිදුවූයේ රාජපක්ෂවරුන් විසින් ලබාගත් ණයගෙවිමට යැයිද හෙතෙම පැවසීය.
මේරටේ ආර්ථිකය කාපු අයට මම කියනවා පන්සල් ගානේ යන්නේ නැතුව පාර්ලිමේන්තුවට ඇවිත් අපිත් එක්ක විවාද කරන්න කියලා. සලාවට මුදල් වෙන් කරලා තියෙන්නේ. නමුත් එය ලැබීම සෙමින් සිදුවෙන්නේ. සාලාව සිදුවීමෙන් යැපෙන බංකොලොත් දේශපාලඥයිනුත් ඉන්නවානේ. ඔවුන් උසිගන්වලා උද්ගෝෂණයක් කරනවා. මාධ්‍යයත් ඒක පෙන්වනවා. වැට් වේවා එන්බීටී වේවා මේබදු දෙකෙන් එකක් අයකිරීම තමයි ආණ්ඩුවේ කාර්ය වෙන්නේ. මේදෙකෙන් අඩු බරක් තිබෙන වැට් එක. ඒනිසා වැට් අයකරන්න අපි තීරණය කළේ. ඒකෙ මේ රාජපක්ෂ ණය ගෙවන්න තමයි මේ ගන්නේ වෙදේකට නොවෙයි. මට සරදියෙල්, වැට් මෑන්, බැට් මෑන් කියලා එක එක නම් කියනවා කොහොම උනත් අවසානයේදී වැඩිකල් යන්න කලින් ජනතාවගේ හිතවතා කියලා ඔබලාම මට කියාවි. යැයි අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.