වැඩි මිලට සහල් අලෙවි කරන්නන් සොයා වැටලීම්
සහල් සඟවා තාබාගෙන වෙළෙඳපොළට සහල් නිකුත් නොකරන වී මෝල් හිමියන් සම්බන්ධව හා දේශීය සහල් ලෙස ආනයනික සහල් අලෙවි කරනු ලබන වෙළෙඳුන් සම්බන්ධව දැඩි නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට පාරිභෝගික අධිකාරිය තීරණය කර තිබේ.
ඒ අනුව වී මෝල් හිමියන් හා සහල් ආනයනකරුවන් සතුව ඇති සහල් තොග සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකර ඒවා පාරිභෝගිකයන් අතර බෙදීගොස් ඇති ආකාරය පිළිබඳව වාර්තාවක් සකස් කරන ලෙස කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදුයුදීන් මහතා පසුගියදා පැවති සාකච්ඡාවකදී උපදෙස් ලබාදී ඇත.
මේ හේතුවෙන් ඉදිරි කාලයේදී මේ සම්බන්ධයෙන් වැටලීම් සිදුකර සහල් සඟවා සිටින ව්‍යාපාරිකයන්ට, වැඩි මිලට සහල් අලෙවි කරන ව්‍යාපාරිකයන්ට සහ දේශීය සහල් විදේශීය සහල්වලට කවලම් කර දේශීය සහල් ලෙස අලෙවි කරන ව්‍යාපාරිකයන්ට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බවද එම අධිකාරිය පවසයි.
මෙම වසරේ මේ සම්බන්ධයෙන් වැටලීම්වලදී වෙළෙඳසැල් 2000කට ආසන්න ප්‍රමාණයකට නඩු පැවරීමට කටයුතු කරන බවත් මේ මැයි මාසයේ ගතවූ කාලසීමාවේදී සිදුකරන ලද වැටලීම්වලින් ආයතන 500කට ආසන්න ප්‍රමාණයකට නඩු පැවරීමට කටයුතු කර ඇති බවද පාරිභෝගික අධිකාරිය වැඩිදුරටත් සඳහන් කරයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

