සහතික මිලට වඩා වැඩියෙන් කරවල, පොල්, පරිප්පු, අලෙවි කළ වෙළෙඳුන් 154 දෙනෙකුට එරෙහිව නඩු පවරා තිබෙන බව පාරිභෝගික කටයුතු අධිකාරිය සඳහන් කරයි.
පසුගිය (06දා) සිට මයිසූර් පරිප්පු කිලෝවක් රු.130 කටත්, කට්ටා කරවල කිලෝවක් රුපියල් 1000 කට, සාලයා කරවල කිලෝවක් රුපියල් 425කටත්, පොල් ගෙඩියක් රුපියල් 75කට අලෙවි කළ යුතු වුවත් සැකකාර වෙළෙඳුන් ඊට වැඩි මිලට මෙම ආහාර දුව්‍ය අලෙවි කර ඇති බවද එම අධිකාරිය පවසයි.
මෙම නීතිය උල්ලංඝනය කරන්න අත්අඩංගුවට ගැනීමට සිදු කළ මෙහෙයුම්වලදී පොල් වැඩි මිලට විකුණූ වෙළෙඳුන් 97ක් හා පරිප්පු වැඩි මිලට අලෙවි කළ 154 දෙනෙකුට සහ කරවල වැඩි මිලට විකුණූ වෙළෙඳුන් 102 නඩු පවරා ඇත.