අයවැය මගින් මිල පහළ දැමූ භාණ්ඩ වැඩි මිලට විකුණූ වෙළෙන්දන් සොයා පාරිභෝගික කටයුතු අධිකාරිය සිදුකරන මෙහෙයුම්වලදී ගෙවී ගිය පැය 48 ක කාලය තුළදී වෙළෙඳුන් 285 දෙනෙකුට එරෙහිව නීතිය ක්‍රියාත්මක කර තිබේ.
භාණ්ඩ වැඩි මිලට විකිණීමේ චෝදනාව මත මෙම වෙළෙඳුන් සියලුම දෙනාම අදාළ බල ප්‍ර‘දේශවල මහේස්ත්‍රාත් අධිකරණ වෙත ඉදිරිපත් කරන බවද එම අධිකාරියේ නියෝජ්‍ය අධ්‍යක්ෂක අසේල බණ්ඩාර මහතා සඳහන් කළේය.