සාපේක්ෂ ලෙස වඩාත් අඩු පොලී අනුපාත යටතේ ණය ලබාගෙන වැඩි පොලී අනුපාත යටතේ ලබාගෙන ඇති ණය පියවීම සඳහා රජයේ අවධානය යොමුව තිබේ.
රාජ්ය ණය කළමනාකරණයට අදාළව අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ වාර්තාවක මේ බව දැක්වෙයි.
එසේම ණය කළමනාකරණය කර ගැනිම සඳහා රාජ්ය ආදායම ඉහළ නංවා ගැනීම, වඩාත් ඉක්මනින් ප්රතිලාභ ලැබෙන කාර්යයන් සඳහා රාජ්ය ආයෝජන යෙදවීම, රාජ්ය ආයේජනය සඳහා දේශීය පෞද්ගලික අංශය හෝ විදේශිය ආයෝජකයන් ආකර්ෂණය කර ගැනීම යන යෝජනාද මෙයට ඇතුළත් වෙයි.