වැටුප් ප්‍රශ්නයක් මූලික කරගෙන විදුලිබල වෘත්තිය සමිති විසින් හෙට දිනයේදී වැඩවර්ජනයක් පවත්වන බව දන්වා ඇති නිසා ඊට මුහුණ දීම සඳහා විදුලිබල මණ්ඩලය සූදානමින් සිටින බව විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසීය.
එම වෘත්තිය සමිතිවල ඉල්ලීම් ඉටුකිරීම සඳහා මාස හයක කාලයක් අවශ්‍ය බවට මීට පෙර අමාත්‍යාංශය දැනුම්දී තිබියදී මෙසේ වැඩවර්ජනයක් කැඳවා තිබීම සාධාරණ නොමැති බවද ඇමතිවරයා සඳහන් කළේය.
යම්කිසි කඩාකප්පල්කාරී ක්‍රියාවක් සිදුවුවහොත් ඊට එරෙහිව දැඩි පියවර ගන්නා බවද ඒ මහතා පවසා සිටියේය.
ජාතික වෘත්තීය සුදුසුකම්ලත් 400කට ලංකා විදුලිබල මණ්ඩලයේ තනතුරු ප්රදානය කිරීම සඳහා කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්රණ ශාලාවේ අද (14දා) පැවැති උත්සවයකදී හෙතෙම මේ බව පැවසීය.
ඡායාරූ - ක්‍රිෂාන් රණසිංහ