පොලිස්පති එන්.කේ. ඉලංගකෝන් මහතා අන්තර්ජාතික පොලීසියේ 83 වැනි මහා සභා රැස්වීම සඳහා මොන්කෝ රාජ්‍යය බලා පිටත්ව යාම හේතුවෙන් වැඩබලන පොලිස්පතිවරයා ලෙස ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ගාමිණී නවරත්න මහතා පත්කර තිබේ.
හෙට (03දා) සිට 07 වැනිදා දක්වා කාලය තුළ මෙම මහා සභා රැස්වීම පැවැත්වෙන අතර, එම රැස්වීම නිමවා පොලිස්පතිවරයා නැවත ලංකාවට පැමිණීමට නියමිතව තිබෙන්නේ මේ මස 09 වැනිදාය. එම කාලය තුළ වැඩබැලීමේ කටයුතු ගාමිණී නවරත්න මහතාට පවරා ඇත.