පැවැති වැඩවර්ජනයට සහයෝගය දක්වමින් අද (26දා) දින සේවයට නොපැමිණි ආදේශක හා අනියම් තනතුරු යටතේ සේවය කරන සෞඛ්‍ය කනිෂ්ඨ කාර්යමණ්ඩල සාමාජිකයන් සේවය අතහැර ගියා සේ සලකා කටයුතු කරන බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් ලක්ෂ්මි කුමාරි මහත්මිය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
මීට අමතරව රෝහල්වල සුවසේවා පාලක කාර්යාලය වසා තබා ඇති සුළු සේවා පලකවරුන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීමට අවශ්‍ය කටයුතු කරන ලෙසට සෞඛ්‍ය අමාත්‍යවරයා සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයාට උපදෙස් ලබාදී තිබෙන බවද එම නිවේදනයේ සඳහන් වේ.