කොළඹ නගර සභාවේ කනිෂ්ඨ සේවකයන් දෛනික රාජකාරි සඳහා පැමිණීමේදී අභ්‍යාස පොතක් රැගෙනවිත් පැමිණීමේ සහ පිටවීමේ වේලාවක් සලකුණු කර තමන්ට ඉදිරිපත් කර අතිකාල ලබාගන්නැයි නාගරික කොමසාරිස් භද්‍රානි ජයවර්ධන මහත්මිය සඳහන් කළාය.
ඉංජිනේරු සේවා දෙපාර්තමේන්තුවේ ප්‍රධානියා විසින් සේවකයන්ගේ අතිකාල සේවා සලකුණු නොකරන බවට තොරතුරු ලැබී ඇති බවත්, මේ නිසා සේවකයන්ගෙන් ඉහත ඉල්ලීම සිදුකරන බවත් ජයවර්ධන මහත්මිය පැවසූවාය.
නාගරික කොමසාරිස්වරිය හා ඉංජිනේරු සේවා දෙපාර්තමේන්තුවේ ප්‍රධානියා අතර මතුව ඇති මතභේදාත්මක තත්ත්වයක් හේතුවෙන් මේ වනවිට නගර සභාවේ දෛනික කටයුතුවලට බාධාගෙන දී තිබෙන බවද වාර්තා වේ.