වෘත්තිය සමිති කිහිපයක් ඊයේ (5දා) දියත් කළ වැඩ වර්ජනය හේතුවෙන් රටේ සමස්ත ජන ජීවිතයට බලපෑමක් ඇති නොවුණ බව රජයේ ප්රවෘත්තී දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි. වර්ජනයට එක්වූ කණ්ඩායම් වලින් සමහර පිරිස් සේවා වලින් බැහැරව සිටියත් ඔවුන් නියෝජනය කළ ආයතන වල සේවා සැපයීම් සාර්ථකව සිදුකළ බවත් එම නිවේදනයේ දැක්වෙයි.
පාසල්වල කටයුතු, ලංකා ගමනා ගමන මණ්ඩලයේ ක්‍රියාකාරකම්, ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව,රජයේ රෝහල්හි අත්යාවහ්ය කටයුතු සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක වූ බව එම නිවේදනයේ දැක්වෙයි. එසෙම පෞද්ගලික රෝහල්වල කටයුතු ඉතාමත්ම කාර්යක්ෂමතාවයකින් ක්‍රියාත්මක වූ බවත් එම නිවේදනයේ දැක්වෙයි.
