පුරප්පාඩුවී පැවැති වයඹ පළාත් අධ්‍යාපන අධ්යක්ෂ ලෙස සිරිමෙවන් පොඩිනිලමේ මහතා අද (14දා) වැඩි බාර ගැනීමෙන් පැයකට පමණ පසුව ඔහු වහාම ක්‍රියාත්මක වන පරිදි එම ධුරයෙන් ඉවත් කිරීමට වයඹ පළාත් ආණ්ඩුකාර අමරා පියසීලි මහත්මිය කටයුතු කර තිබේ. අධ්‍යාපන අධ්යක්ෂවරයාට පත්විමේ ලිපිය ලබාදී ඇත්තේද ආණ්ඩුකාරවරියයි.
රාජ්‍ය සේවා කොමිෂන් සභාව විසින් පැවැත්වූ සම්මුඛ පරීක්ෂණයකින් අනතුරුව සිරිමෙවන් පොඩිනිලමේ මහතා මෙම තනතුරට පත්විය. ඔහු ඊට පෙර කළාප අධ්‍යාපන අධ්යක්ෂ ලෙස කටයුතු කළේය.
පුරප්පඩු වී ඇති වයඹ පළාත් අධ්‍යාපන අධ්යක්ෂ ධුරය සඳහා පළාත් සභාව හා අධ්‍යාපන අමාත්‍යාංශය අතර මත ගැටුමක් නිර්මාණය වී තිබේ.