වැඩ තහනමකට ලක්කර සිටින විදුලිබල මණ්ඩල වෘත්තිය සමිති නියෝජිතයන් 06දෙනා දින 14ක් තුළ වහාම සේවයේ පිහිටු විය යුතු බව සංස්ථා මණ්ඩල අධිකාරි වෘත්තීය සමිති එකමුතුව සඳහන් කරයි.
විදුලිබල මණ්ඩලයේ පවතින දූෂණ වංචාවලට එරෙහිව හා වැටුප් විෂමතාවන්ට එරෙහිව වෘත්තිය ක්‍රියාමාර්ග දියත් කිරීම නිසා මෙම වෘත්තිය සමිති නියෝජිතයන්ගේ වැඩ තහනම් කර තිබෙන බවද එම එකමුතුවේ කැඳවුම්කාර මණ්ඩල සාමාජික සමස්ත ලංකා ප්‍රවාහන සේවක සංගමයේ ලේකම් සේපාල ලියනගේ මහතා අද (25) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී සඳහන් කළේය.
දින 14ක් තුළ ඔවුන් නැවත සේවයේ පිහිටුවීමට කටයුතු නොකළහොත් වරාය, ජලසම්පාදන, ටෙලිකොම්, ඛනිජ තෙල් ප්‍රවාහන බැංකු වෘත්තීය සමිති සමග එක්ව වෘත්තීය ක්‍රියාමාර්ග දියත් කිරීමට පියවර ගන්නා බවද හෙතෙම පවසා සිටියේය.