ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානය සියලු දෙනාගෙන් ඉල්ලයි
ආණ්ඩුවේම සංඛ්‍යා‘ලේඛනවලට අනුව ජීවන වියදමට වඩා රුපියල් 15,302 ක් අඩුවෙන් රාජ්‍ය සේවකයාට වැටුප් ලැබෙන නිසා එම මුදලින් රුපියල් 10,000 ක් දිනාගැනීමේ සටන ආරම්භ කළ බවත්, එයට සියලු දෙනාට එකතුවන ලෙසට ආරාධනා කරන බවත් ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානය සඳහන් කරයි.
සියලුම දීමනා එකතුකර වැටුපට රුපියල් 10,000 ක් එකතු කරන ලෙසට ආණ්ඩුවට බලකරන උද්ඝෝෂණ මාලාව පිළිබඳව වෘත්තීය සමිති නියෝජිතයන් සමග සිදුකළ සංවාදයේදී මේ පිළිබඳව අදහස් දැක්වූ පළාත් සභා මන්ත්‍රී කේ.ඩී.ලාල්කාන්ත මහතා සඳහන් කළේ ආණ්ඩුව සඳහන් කරන ජීවන වියදමට සරිලන ලෙස වැටුපක් නොලැබුණත්, එය ලබාගැනීමට නොහැකිවී තිබෙන්නේ වෘත්තීය සමිති වෙන් වෙන්ව සටන් කිරීම නිසා බවතයි.
එසේ නොමැතිව ජනාධිපතිවරයා නිසා හෝ ආරක්ෂක ලේකම්වරයා නිසා නොවන බවට මතක තබා ගත යුතු බවත් ඔහු සඳහන් කළේය.
මේ නිසා, වර්තමාන ආණ්ඩුව සමග ප්‍රශ්න තියෙන අයටත්, ප්‍රශ්න නැති අයටත් මීට අමතරව ආණ්ඩුව සතුරෙක් ලෙස දකින අයටත්, ආණ්ඩුව පෙරළන්න උවමනාව තියෙන අයටත්, එකම වේදිකාවක සිට ගෙනන යා හැකි සටනක් තිබෙන බවත්, එය මේ රටේ වැඩකරන ජනතාවට ජීවත් විය හැකි වැටුපක් ලබාදීමේ සටන බවද ලාල් කාන්ත මහතා සඳහන් කළේය.